ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් දැනුම්දීමක්

අන්තර්ජාලය ඔස්සේ ළමයින්ට ලිංගික ක්‍රියාකාරකම් සඳහා බලපෑම් කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු 1929 අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ආචාර්ය උදයකුමාර අමරසිංහ මහතා ඉල්ලා සිටිනවා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගෙනීමේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ දරුවන්ව අපචාර ක්‍රියා සඳහා යොදා ගැනීමේ සිද්ධීන් මේ දිනවල බහුලව වාර්තා වන බවයි එතුමා ප්‍රකාශ කර සිටියේ.
දරුවන් ස්මාර්ට් ජංගම දුරකතනය සමඟ නිරන්තරයෙන් ගනුදෙනු කිරීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද මෙතුමා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.
217 Views
Comments