පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් චෝදනාවක්

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත චෝදනාවක් එල්ල කර සිටිනවා.
ඔවුන් පවසා සිටින්නේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාවට සහන සැලසිය යුතු මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිමින් ජනතාව පීඩාවට පත් කරන බවයි.
එහි සභාපති රංජිත් විතානගේ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා මේ පිළිබඳ ප්‍රකාශ කළ අතර නිලධාරීන්ගේ දුර්වලතා නිසා විදුලි බල මන්ඩලය ලැබූ පාඩුව පියවා ගැනීමට විදුලි ගාස්තු ඉහළ දැමීම අසාධාරණ බව ද තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
281 Views
Comments