ඇඹිලිපිටිය බස් නැවතුම්පොළේ වෙළඳසැල් පෙළක ගින්නක්

ඇඹිලිපිටිය බස් නැවතුම්පොළ ඉදිරිපිට ඉදිකර තිබූ තාවකාලික කඩ පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් වෙළඳසැක් හයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මේවා පළතුරු සහ රසකැවිලි මෙන්ම විවිධ ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳසැල් බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ජල බවුසර යොදා ගනිමින් ගින්න නිවා දමා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
311 Views
Comments