පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලේ හොරෙන් පැනීමෙන් එක ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලේ හොරෙන් පැනීමෙන් එක ලංකාවට

පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලේ හොරෙන් පැනීමෙන් එක ලංකාවට

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ මෙරට කණ්ඩායමෙන් දසදෙනකු එංගලන්තයේදී අතුරුදහන් වී තිබුණා.

මෙරට වැඩිම පිරිසක් එකවර අතුරුදහන් වූ ජාත්‍යන්තර තරගාවලිය ලෙස ද මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වාර්තා පොත් අතරට එක්වුණා.

මෙලෙස පැනගොස් තිබුණේ ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ සභාපති අසේල ද සිල්වා, ජූඩෝ ක්‍රීඩිකා චමිලා දිපානි, මල්ලවපොර ක්‍රීඩකයන් වන ශානිත් චතුරංග, සුරේෂ් ප්‍රනාන්දු, මල්ලවපොර ක්‍රීඩිකා ශ්‍රියන්තිකා නිරෝෂනී, බීච් වොලිබෝල් ක්‍රීඩකයින් වන මලින්ත යාපා, අශේන් රශ්මික සහ බොක්සිං ක්‍රීඩකයන් වන විමුක්ති කුමාර, සංජිව බණ්ඩාර රාජකරුණා සහ නිකලස් විටාලිස් යන දස දෙනායි.

මොවුන් විසින් ලංකා නාමයට එක් කල කලු පැල්ලම මැකීමට නම් ලේසි පහසු වන එකක් නැහැ.

views

303 Views

Comments

arrow-up