නිවෙස්වල දරු ප්‍රසූත සිද්ධි ඉහළ යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

නිවෙස්වල දරු ප්‍රසූත සිද්ධි ඉහළ යයි

නිවෙස්වල දරු ප්‍රසූත සිද්ධි ඉහළ යයි

නිවෙස් වල දී දරුවන් ප්‍රසූත කිරීමේ සිද්ධි ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

 

ඉන්ධන අර්බුදය හමුවේ රෝහල වෙත ළඟාවීමේ අපහසුතා මෙන්ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කොට සිටියේ.

 

මේ අනුව නිකවැරටිය, පිටකෝට්ටේ සහ මෝදර ඇතුළු ප්‍රදේශ රැසකින් මෙවැනි සිද්ධීන් වාර්තා වී තිබෙන අතර පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙ ද සහාය සහිතව එම ප්‍රසූත කිරීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

views

229 Views

Comments

arrow-up