ආරක්ෂක අමාත්‍යාංශයට ලබා දුන් ණයෙන් අඩකට වැඩි කොටසක් ඉතිරියි -රුසියානු තානාපති විමල්ට කියයි

විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ රුසියාව විසින් ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී තිබූ ණය ආධාරයේ අඩකට වැඩි කොටසක් තවදුරටත් ඉතිරිව ඇති බවට රුසියානු තානාපතිවරයා ඊයේ (21) ස්වාධීන වූ පක්ෂ 11 නායකයින් රුසියානු තානාපතිවරයා හමුවූ අවස්තාවේ කියා සිටි බවයි.
එමෙන්ම රුසියානු තානාපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ඉල්ලීමක් සිදුකරන්නේ නම් පවතින තත්ත්වය සඳහා ණය ආධාර ලබා ගැනීම පිළිබඳව සලකා බැලීමට හැකියාව පවතින බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
217 Views
Comments