NOV
27
බූස්ටර් එන්නත ලබාදීමට ජංගම සේවා යොදවන්නැයි ජනපතිගෙන් නියෝග

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ දී වැදගත් තීරණ කිහිපයක් ගෙන තිබේ.
ඒ අනුව කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට ජංගම සේවා මඟින් බුස්ටර් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත.
එමෙන්ම රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලුදෙනාට ද එම සායන තුළදී බුස්ටර් එන්නත ලබාදීමට තීරණය කර තිබේ.
691 Views
Comments