කුවේට්හිදී මියගිය දියණියගේ දේහය ගෙනැත් දෙන්නැයි මව ඉල්ලයි

කූවේට්හි ගෘහ සේවට ගොස් සිටියදී හදිසි හෘදයාබාධයකින් මියගිය බවට පැවසෙන හි`ගුරක්ගොඩ, රජඇලගම, 15 ඇළ පදිංචිව සිටි කේ. ආර්. රම්‍යා ජයකාන්ති නැමැති 47 හැවිරිදි එක් දරු මවගේ දේහය මෙරටට ගෙන්වා දෙන ලෙස ඇගේ මව වන එම්. පොඩිහාමිනේ මහත්මිය රජයෙන් ඉල්ලා සිටියි.
මෙම කාන්තාව ගෘහ සේවයට 2019.12.02 දින පිටව ගොස් තිබේ. ඒ හි`ගුරක්ගොඩ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහායි.
ඇය මියගිය බවට ප‍්‍රකාශ වන 2021.10.07 දින දක්වා ඇගේ සොහොයුරා ඇතුළු සෙසු පවුලේ සාමාජිකයින් සම`ග ඇය දුරකථන මගින් සබඳතා පවත්වා තිබේ.
එහිදී ඇය ඔවුන්ට පවසා තිබෙන්නේ රැකියාව හොඳින් කරගෙන යන බවයි. එහෙත් ඔක්තෝබර් 07 වැනි දින දුරකථනය මගින් තම සොහොයුරෙකු වන කේ. ආර්. සුගත් ජිනේන්ද්‍ර ඇමැතූ රම්‍යා ජයකාන්ති ඔහුට පවසා ඇත්තේ තමන්ට පපුවේ වේදනාවක් හටගෙන තිබෙන බවත් රෝහල්ගත වීමට කටයුතු කරන බවත්ය.
ඉන් පැය කීපයකට පසු රම්‍යාගේ සොහොයුරාට පණිවුඩයක් ලැබී තිබෙන්නේ තම සොහොයුරිය මියගිය බවටයි.
ආතරයිටිස් රෝගය උත්සන්න වී එක්තැන්ව සිටින රම්‍යාගේ මව වන එම්. පොඩිහාමිනේගේ එකම ඉල්ලීම වන්නේ කෙසේ හෝ තම දියණියගේ මෘත දේහය මෙරටට රැගෙනවිත් දෙන ලෙසයි.
817 Views
Comments