උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග යළිත් කල් යයි

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
අද (07) පාර්ලිමේන්තුවේදී ඇමතිවරයා වෙත යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල්දමා තිබූ මෙම විභාග දෙක නොවැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කර තිබිණි.
කෙසේ නමුත් පවත්නා තත්වය හේතුවෙන් සහ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකි වීම හේතුවෙන් විභාග තවදුරටත් කල්දැමීමට සිදුවන බව ප්‍රේමජයන්ත මහතා පැවසීය.
801 Views
Comments