පරිසර ඇමතිට ජාත්‍යන්තර තනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

පරිසර ඇමතිට ජාත්‍යන්තර තනතුරක්

පරිසර ඇමතිට ජාත්‍යන්තර තනතුරක්

එක්සත් ජාතින්ගේ පරිසර වැඩ සටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර අමාත්‍යවරුන්ගේ  04 වන සැසිවාරයේ උප සභාපති ධුරයට පරිසර ඇමැති  මහින්ද අමරවීර මහතා පත්වේ.
 

 


කොරියා ජනරයේ සුවොන් සිටි හි අද දින (07 )  පැවැති පරිසර අමාත්‍යවරුන්ගේ සැසිවාරයේ දී මෙම උප සභාපති ධුරය මහින්ද අමරවීර මහතාට හිමි විය.

 


 
ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර අමාත්‍යවරුන් හා පරිසර බලධාරින් මෙම සමුළුව නියෝජනය කරනු ලැබීය. මෙම තනතුර ශ්‍රී ලංකාවට හිමිවීම අප රට ලැබූ ගෞරවයක් බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර සිටී.

views

745 Views

Comments

arrow-up