විපක්ෂය අභයාරාමයට රැස් වෙයි,මෛත්‍රීපාලත් ඒ අතර
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

විපක්ෂය අභයාරාමයට රැස් වෙයි,මෛත්‍රීපාලත් ඒ අතර

විපක්ෂය අභයාරාමයට රැස් වෙයි,මෛත්‍රීපාලත් ඒ අතර

විපක්ෂයේ දේශපාලනඥයින් රැසක් නාරාහේන්පිට අභයාරාමයට රැස්ව ඇති බව වාර්තා වනවා.

 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ක්‍රියාවලියේදී සහ ඉන්පසුව මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් අභයාරාමය මූලික කර්තව්‍යයක් සිදුකර තිබීම විශේෂත්වයක්.

 

 

වත්මන් රජය බලයට ගෙන ඒමට සුවිශේෂ කාර්‍යයක් ඉටුකළ අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැඩි ලෙස විවේචනය කරන පසුබිමක අභයරාමයේ මෙම රැස්වීම දේශපාලන ලෝකයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මේ සඳහා සහභාගී වී ඇත.

views

1012 Views

Comments

arrow-up