බස්නාහිර පළාත් පාසල් ළමුන්ගේ නිල ඇදුමේ වෙනසක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

බස්නාහිර පළාත් පාසල් ළමුන්ගේ නිල ඇදුමේ වෙනසක්

බස්නාහිර පළාත් පාසල් ළමුන්ගේ නිල ඇදුමේ වෙනසක්

ජාතික ඩෙංගු මර්දන ඒකකය ඉල්ලීමක් කරමින් පවසන්නේ ඩෙංගු රෝගයෙන් ආරක්ෂාව වීම සඳහා බස්නාහිර පළාත් පාසල් ළමුන් පාසල් නිල ඇඳුමට අමතරව ශරීරයට ගැලපෙන ළා පැහැති ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙසයි.

 

 

පාසල් ළමුන්ගේ ඩෙංගු වැලඳිමේ ප්‍රවණතාවයක් පසුගිය කාලයේ ඉහළ යෑම හේතුවෙන් එම තීරණය ගත් බව එහි සභාපති වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසා සිටියේය.

 

 

"බස්නාහිර පළාතේ පාසල් ළමුන් පාසලට පැමිණෙන විට තමන්ගේ නිල ඇඳුමට අමතරව ශරීරය වැසෙන ආකාරයේ ළා පැහැති ඇඳුමකින් සැරසිලා, උෂ්ණත්වයට ගැලපෙන ඇඳුමකින් එන්න කියන යෝජනාව අපි අදාළ අංශ වෙත යොමු කරලා තියෙනවා." ලෙස සභාපති වෛද්‍ය නලින් ආරියරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

 

 

views

145 Views

Comments

arrow-up