කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාව හෙරෝයින් එක්ක කටුනායකදී මාට්ටු

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවක හෙරොයින් තොගයක් සමඟ කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගිය 1වනදා අත්අඩංගුවට ගෙන ඇත.
38 හැවිරිදි එම සේවිකාව හැවිරිදි පොලොන්නරුව, කාලිංග ඇළ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ඇය කටුනායක, කෝවින්න ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන වෙනත් පුද්ගලයෙකු සමඟ වෙසෙන බව පොලීසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඇය තමා විසින්ම නිපදවන රූපලාවණ්‍ය ආලේපන සහිත කුඩා බඳුන් තුළ, හෙරොයින් සහිත කුඩා පැකට්ටු ඉතා සූක්ෂම ආකාරයෙන් සඟවා තිබූ බව පොලීසිය කියයි.
අදාල කාන්තාව හෙරොයින් හෙරොයින් අඩංගු ආලේපන පාර්සලය කටුනායක මල්ගස්හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක පැමිණි පුද්ගලයෙකුට දීමට උත්සාහ කරමින් සිටියදී, පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ආලේපන බඳුන් තුළ රුපියල් දෙලක්ෂ පනස් දහසක හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 200 ක ප්‍රමාණයක් හමුවී ඇත.
කටුනායක පොලීසියට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
ඇය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.
297 Views
Comments