DEC
29
සුඛෝපභෝගී බස් රථ 04ක් පැහැර ගැනේ

සංචාරකයන් ප්‍රවාහනය කරන සුඛෝපභෝගී බස්රථ 04ක් ඒවායේ රියදුරන්ට සහ සේවකයන්ට පහර දී පැහැරගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති නීල් ජයතිස්ස ප්‍රකාශ කර තිබුණේ ලීසිං ආයතන විසින් මෙහෙයවනු ලබන සීසර්වරුන් පිරිසක් විසින් මෙලෙස බස්රථ පැහැරගෙන ගොස් ඇති බවයි.
පහරදීම් වලින් බස්රථවල රියදුරන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කර තිබේ.
224 Views
Comments