රිටිගල ගම්මාන වලට වල් අලි තර්ජන
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

රිටිගල ගම්මාන වලට වල් අලි තර්ජන

රිටිගල ගම්මාන වලට වල් අලි තර්ජන

වල් අලීන්ගේ රජදහනක් බවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රිටිගල වනජීවී කලාපයට අයත් ගම්මාන පත් වී තිබෙනවා.

 

දිවා කාලයේ දී හේන් කෙටීමටත් රාත්‍රී කාලයේ දී හුරුලුවැව රක්ෂිතයෙන් සහ හබරන රක්ෂිතයෙන් ගම්වදින වන අලින් පලවා හැරීමට සිදු වීමත් නිසා නිදිවර්ජිතව කටයුතු කීමට ගම්වාසීන්ට සිදුව ඇත.

 

ප්‍රදේශයට අයත් ගම්මානවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය හේන් ගොවිතැන වන නිසා මෙම ගැටලුව ඉතා ප්‍රශ්නකාරි ලෙස ඔවුන්ගේ ජිවිත වෙත බලපා තිබෙනවා.

 

විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළින් සහ අවට පරිවාරක රක්ෂිත තුළ සිටින වන අලි පනහක පමණ රංචුවක් දිනපතා මෙම ප්‍රදේශයට කඩාවදිමින් වගා හානි සිදු කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

views

232 Views

Comments

arrow-up