SEP
24
අධිවේගී මාර්ගයේ ගමන් කළ බස් රථයේ පිටුපස රෝද දෙක ම ගැලවිලා

ඊයේ (23) සවස අධිවේගී මාර්ගයේ ගමන් කළ පෞද්ගලික බස් රථයක් පිටුපස රෝද දෙකම ගැලවී අනතුරකට ලක්ව තිබේ.
කතරගම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය දොඩංගොඩ සහ වැලිපැන්න පිවිසුම් අතර දී මෙලෙස අනතුරට ලක්ව ඇත.
පසුපස රෝද දෙක ගැලවුණු බස් රථය ඉදිරිපස රෝද දෙකෙන් කිලෝමීටර් භාගයක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ දී බස් රථයේ මගීන් විශාල පිරිසක් සිට ඇති නමුත් අනතුරෙන් මගීන් කිසිවකුට හානියක් සිදු වී නොමැත.
කෙසේ නමුත් අනතුරෙන් අධිවේගී මාර්ගයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව වාර්තා වේ.
280 Views
Comments