SEP
17
ත්‍රීරෝද රථ රියදුරන්ගෙන් චෝදනාවක්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටුනත් මෙරට ඉන්ධන මිලෙහි අඩුවක් සිදු නොවන බවට ත්‍රිරෝද රථ රියැදුරන් චෝදනාවක් ඉදිරිපත් කර සිටිනවා.
ඉන්ධන මිල සංශෝධනය නොවීම හේතුවෙන් එය පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමට සිදුවීම නිසා සිය වෘත්තිය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ඔවුන් කියා සිටින්නේ.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වීමත් සමඟ මෙරට සෑම මසකම පළමු වැනිදා සහ පහළොස් වැනිදා ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණත් මේ වන තෙක් එය ක්‍රියාත්මක කර නැහැ.
218 Views
Comments