කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 33ක් වාර්තා වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 33ක් වාර්තා වේ

කොරෝනා වෛරසය ආසාදනය වූ   රෝගීන් 33ක් වාර්තා වේ

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1782ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

 

අද දිනයේ සවස 3.15 වන විට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 33 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

 

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කලේ මෙලෙස වාර්තා වූ රෝගීන් සියලු දෙනා නාවික හමුදා සාමාජිකයින් බවයි.

 

මේ වන විට මෙරට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 932ක් රෝහල් ගතව ප්‍රතිකාර ගනු ලබන අතර සුවය ලබා රෝහලෙන් පිටව ගිය සංඛ්‍යාව 839ක් වනවා.

 

views

774 Views

Comments

arrow-up