කොළඹින් පාර්ලිමේන්තුවට තරග කරන “ගම්මන්පිළලා” 22 දෙදෙනා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

කොළඹින් පාර්ලිමේන්තුවට තරග කරන “ගම්මන්පිළලා” 22 දෙදෙනා

කොළඹින් පාර්ලිමේන්තුවට තරග කරන “ගම්මන්පිළලා” 22 දෙදෙනා

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා ඉදිරිපත් කර ඇති ස්වාධින කණ්ඩායමක අපේක්ෂකයින් 22 දෙනෙකු නම් එකම වාසගමකින් යුක්තවීමේ සුවිශේෂී කරුණක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.

 

මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා ගොනු කර ඇති ස්වාධීන කණ්ඩායම් අංක 16 යටතේ ඇති එම නාම ලේඛණයේ සඳහන්ව ඇති අපේක්ෂකයින් 22 දෙනෙකුගේ වාසගම “ගම්මන්පිල” යනුවෙන් සටහන්ව ඇත. එම අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ ද මේවන විට පළ කොට තිබෙනවා.

 

මෙලෙස මැතිවරණයට ඉදිරිපත් වන ඔවුන් එකම පවුලකින් පැවත එන පිරිසක්ද යන්න සම්බන්ධයෙන් වන තොරතුරු මේ දක්වා වාර්තා වී නොමැත.

 

views

855 Views

Comments

arrow-up