ආයුධ රැගෙන කිහිප දෙනෙකු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ භූමියට ඇතුළු වෙයි

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය තුළ නඩු වීභාග වන අවස්ථාවේ ආයුධ අතැති පුද්ගලයින් කිහිප දෙනෙකු අධිකරණ භූමියට ඇතුළු වී ඇති බව වාර්තා වනවා.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ නීතිඥවරුන් පවා සීමා සහිතව නඩු කටයුතු සඳහා අධිකරණය තුළට පැමිණෙන අවස්ථාවක මෙම පිරිස උසාවි භූමියට ඇතුළු වීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබෙනවා.
වහාම ක්‍රියාත්මක වූ උසාවි භූමියේ සිටි නීතිඥවරුන් පිරිසක් මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කළ අතර එම පිරිස වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ.
ඒ වන විටත් ආයුද අතැතිවසිටි පුද්ගලයන් දෙදෙනා අධිකරණ භූමියෙන් පලාගොස් ඇති අතර ඔවුන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ලීසිං පදනම යටතේ ලබා ගත් මෝටර් රථයකින් ඔවුන් මෙලෙස පැමිණ ඇති බවයි සොයා ගෙන තිබෙන්නේ.
882 Views
Comments