ගෆූර් ගොඩනැගිල්ලේ නාවික හමුදා කොවිඩ් ආසාදිතයා ගැනඅනිසි බියක් අවශ්‍ය නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

ගෆූර් ගොඩනැගිල්ලේ නාවික හමුදා කොවිඩ් ආසාදිතයා ගැනඅනිසි බියක් අවශ්‍ය නෑ

ගෆූර් ගොඩනැගිල්ලේ නාවික හමුදා කොවිඩ් ආසාදිතයා ගැනඅනිසි බියක් අවශ්‍ය නෑ

පිටකොටුව ගෆූර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයෙකුට නව්‍ය කොරෝනා ආසාදනය වීමේ සිද්ධිය පිලිබඳ අනිසි බියක් ඇති කර ගතයුතු නොවන බව නාවික හමුදාව පවසනවා.

 

අදාල ගොඩනැගිල්ල නාවික හමුදාව වෙත පවරාගත් ගොඩනැගිල්ලක්වන අතර එහි කටයුතු සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් ක්‍රියාත්මක කෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසුවේ.

 

ඊයේ හදුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් අතර පිටකොටුව ගෆූර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයෙකු ද වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කළා.

 

මෙ හේතුවෙන් අදාල ගොඩනැගිල්ලේ සිටි නාවික රියදුරන් ඇතුළු පුද්ගලයින් 200ක පමණ පිරිසක් නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

views

730 Views

Comments

arrow-up