JAN
15
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ගැන තීන්දුව කඩිනම් ප්‍රකාශය කරනවා

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධව විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධව මහජන උපයෝගීතා කොමිසමේ තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
එම ඉල්ලීම් සම්බන්ධව ඉදිරිපත්ව ඇති දත්ත පරික්ෂා කර අධ්‍යනය කරමින් පවතින අතර සංශෝධනයක් සිදුකළ යුතුව ඇත්නම් එය විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡා කර ලබන 15 වනදාට ප්‍රථම ප්‍රකාශ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
268 Views
Comments