SEP
25
ජෙලට්නයිට් සහ ඩෙටනේටර් තොගයක් ත්‍රීරෝදයෙන් ප්‍රවාහනය කල අයෙක් අත්අඩංගුවට

ඩෙටනේටර් 493ක් සහ ජෙලට්නයිට් කූර 27ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු නිලාවේලි, වේලූර් ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ඇත.
ඊයේ(24) දිනයේ නිලාවේලි පොලීසියට ලැබුණු තොරතුරක් අනුව ගොපාලපුරම් නාවික හමුදා කඳවූරේ නිලධාරීගේ සහාය ඇතිව සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවටගත් සැකකරු 27 හැවිරිදි වේලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව අද(25) ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් නිලාවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
740 Views
Comments