පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුව වැඩිදුර විභාගය කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුව වැඩිදුර විභාගය කල් යයි

පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුව වැඩිදුර විභාගය කල් යයි

අගෝස්තු මස 23 වනදා තෙක් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුව වැඩිදුර විභාගය කල් තබන ලදී.

 

 

මෙම නඩුව පවරා ඇත්තේ පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට සාපරාධී බලහත්කාරකම් හා සාපරාධී බියගැන්වීම් කළ බව සඳහන් කරමිනි.

 

 

එය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැදවන ලද අතර එහිදී හිටපු පොලිස්පතිවරයා, හිටපු පිළිගැනීමේ නිලධාරිවරයා සහ සහායිකාව සාක්ෂි දෙනු ලැබුවා.

 

 

සාක්ෂිකරුවන් තුන්දෙනෙකු පවසා තිබුණේ මෙම සිද්ධියට අදාළව මීට පෙර සිද්ධිය සමථයකට පත් කර ගැනීමට සූදානම් බවයි.

 

 

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජාතික ගීය හා භාවනා වැඩසටහන අතුරතුරදී විදුලි සෝපානය ක්‍රියාත්මක නොකරන ලෙස දී තිබූ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අවවාද කළ බව සාක්ෂිකරුවන් කියා සිටියහ.

 

 

පූජිත් ජයසුන්දර මහතාද මෙම සාක්ෂි විමසීම සිදු කරන අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.

 

 

ඔහු වෙනුවෙන් නීතිඥ මඩුල්ලක් අධිකරණය හමුවේ කරුණු දක්වන ලදී.

 

 

views

268 Views

Comments

arrow-up