සා.පෙළ සිසුවියව දූෂණය කරන්න හදලා

රාත්‍රී 11 ට පමණ පාසල් සිසුවියක් ගෙවත්තේ ළිඳක නෑමට ගොස් නිවස බලා යමින් සිටියදී මෙම ලිංගික අතවරයට ලක්ව ඇති බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.
සිසුවිය තුවායක් ඇඳගෙන නිවස බලා යමින් සිටියදී අඳුරේ සැඟවී සිටි පුද්ගලයෙකු එක්වරම ඇයව අල්ලාගෙන තුවාය ගලවා බිම දමා ලිංගික අතවර කිරීමට තැත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. දියණියගේ කෑ ගැසීම ඇසී මව පැමිණීමත් සමගම සැකකරු එම ස්ථානයෙන් පලා ගිය බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඇයට මේ නිසා සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටීමට නොහැකි වූ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.
සැකකරු හඳුනා ගැනීමට මව සහ දියණිය සමත් වූ අතර වහාම සිද්ධිය පොලිසියට දන්වා ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීමේ අරමුණින් නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ වනවිට පරීක්ෂණ පවත්වයි.
244 Views
Comments