ගෑස් ටොන් 8500ක් ඉදිරියේදී දිවයිනට

ගෑස් මෙට්‍රික්ටොන් 8500ක තොගයක් ඉදිරියේදී ලිට්‍රෝ සමාගමට ලැබීමට නියමිත බවත් ගෑස් නිෂ්පාදන කටයුතු නැවතත් ලබන 18වැනිදා සිට ආරම්භ කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයත් නිකුත් කරමින් සඳහන් කරයි.
ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියන 10ක ප්‍රතිපාදනවලින් අදාල ගෑස් තොගය මිලදී ගැනීමට නියමිත බවත් අප්‍රේල් මාසයේ මේ දක්වා කාලය තුළ ගෑස් සිලින්ඩර ලක්ෂ 8ක ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කර ඇති බවත් ලිට්‍රෝ සමාගම එම නිවේදනයේ සඳහන් කර ඇත.
655 Views
Comments