අප්‍රේල් 13 සහ 14 විදුලිය කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් දැනුම්දීමක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති අප්‍රේල් 13, 14 දිනවල විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා අද (08) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
මේ අතර, මහ සිකුරාදා දිනය යෙදී ඇති අප්‍රේල් 15 වන දින ද විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
අප්‍රේල් 11 සහ 12 යන දිනවල විදුලි කප්පාදුව පැය 4කට සීමා කර ඇති අතර එම දිනවල උදෑසන 8.30 සිට පස්වරු 5.30 අතර කාලය තුළ පැය 2යි මිනිත්තු 15ක කාලයක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 10.45 අතර කාලය තුළ පැය 1යි මිනිත්තු 45ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන බව ඔහු පැවසීය.
සභාපතිවරයා සඳහන් කළේ, අප්‍රේල් 16 සහ 17 යන දිනවල විදුලි කප්පාදුව පැය 2යි මිනිත්තු 15ක් දක්වා අඩු කර ඇති බවය.
ඒ අනුව, එදින උදෑසන 9.00 සිට සවස 6.00 අතර කාලය තුළ විදුලිය කප්පාදු කෙරෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
919 Views
Comments