මරණයට පෙර සුරූපිණිය ටික්ටොක් වීඩියෝවකුත් කරලා - රටක් කම්පා කළ ඝාතනයේ අලු‍ත්ම ආරංචිය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

මරණයට පෙර සුරූපිණිය ටික්ටොක් වීඩියෝවකුත් කරලා - රටක් කම්පා කළ ඝාතනයේ අලු‍ත්ම ආරංචිය මෙන්න

මරණයට පෙර සුරූපිණිය ටික්ටොක් වීඩියෝවකුත් කරලා - රටක් කම්පා කළ ඝාතනයේ අලු‍ත්ම ආරංචිය මෙන්න

පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයේ වැසිකිළි වළක තිබී සොයාගැනුණු කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවන් රැසක් මේවන විට ලැබී ඇතැයි පොලිසිය පවසයි.

 

උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක නැවතී සිටි එම කාන්තාව කඩවත ප්‍රදේශයේ සමාජ ශාලාවක සේවයට පැමිණ දිනක් පමණ වන බව එහි හිමිකරුගෙන් අනාවරණය වී ඇති බවයි.

 

මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාව ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන 26 හැවිරිදි දෙදරු මවක බවට තොරතුරු ලැබී තිබේ.

 

කාන්තාවගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් පසුගිය 28 වනිදා රාත්‍රී විද්‍යුත් මාධ්‍යයක ප්‍රචාරය වන දුටු ඇයගේ මිතුරෙකු පොලීසියට පැමිණ ඇය පිළිබඳ වැදගත් හෝඩුවා රැසක් ලබාදුන් බවද එම පොලිස් නිලධාරියා පැවසීය.


 එම කාන්තාව පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයේ කාමරයේ ගත කරන අවස්ථාවේ ගීතයකට අනුව මුව විවර කරමින් එම ගීතය ගායනා කරන අයුරින් සිදු කරන නිරූපණයක් දැක්වෙන වීඩියෝ පටයක් ටික්ටොක් හරහා ඇයගේ මිතුරා වන එම පුද්ගලයා වෙත ලැබී තිබියදී පොලීසිය වෙත ඉදිරිපත් කර තිබූ බවත් එම උසස් පොලිස් නිලධාරියා පැවසුවේය.

 

ඉකුත් 26 වැනිදා නිවාඩු නිකේතනයේ කාමරයේ විදුලි පංකාවේ ගෙල වැලලාගෙන සිටි බවට අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකු ප්‍රකාශ කළත් අනෙක් සැකකරුගෙන් එවැනි තොරතුරක් අනාවරණය නොවන බවත් පොලීසිය පවසයි.

 

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින නිවාඩු නිකේතනයේ කළමනාකරු සහ තිදෙනා අතර නිවාඩු නිකේතනයට සම්බන්ධ නොමැති කළමනාකරුගේ හිතවතෙකු වන පිටස්තර පුද්ගලයෙකු ද සිටින බවත්, එම පුද්ගලයා තොටළඟ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධව පොලීසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින පුද්ගලයෙකු බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.

 

මෙම කාන්තාවට අයත් අත් බෑගය සැකකරුවන් නිවාඩු නිකේතනයට අයත් වෙරළ ආසන්නයේ පිහිටා තිබෙන ස්ථානයක පුළුස්සා තිබූ හෙයින් ඇයගේ නිත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමට දැඩි බාධාවක් වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

views

1037 Views

Comments

arrow-up