මාස තුනකට පසු කැනියොන් බලාගාරයේ විදුලි උත්පාදනය ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

මාස තුනකට පසු කැනියොන් බලාගාරයේ විදුලි උත්පාදනය ඇරඹෙයි

මාස තුනකට පසු කැනියොන් බලාගාරයේ විදුලි උත්පාදනය ඇරඹෙයි

මාවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන භූගත උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් නිසා මාස තුනක් පුරා විදුලි උත්පාදනය නතර කර තිබූ කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු පෙරේදා(31) සිට ආරම්භ කළ බව එම විදුලි බලාගාරයේ නිලධාරියෙක් සඳහන් කළේය.

 

එම උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජල විදුලි බලාගාරයට උමං මාර්ගය ඔස්සේ ජලය රැගෙන යෑම නතර කර මාවුස්සාකැලේ ජලාශයේ සොරොව්ව මාස තුනක් විවෘත කර තිබුණි.

 

එම සොරොව්ව පෙරේදා සිට යළිත් වසා දමා ඇති අතර කැනියොන් ජල විදුලි බලාගාරයෙන් මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කරන බව කැනියොන් ජල විදුලි බලාගාරයේ නිලධාරියෙකු පැවසීය.

views

687 Views

Comments

arrow-up