දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර සාකච්ඡා - එක්සත් ලංකාවකට යෝජනා

රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරමු” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙමළ ජාතික සන්ධානය සමග පවසයි.
තමා සමස්ත රටවැසියන්ගේ නායකයා ලෙස සියලු ජනතාව කෙරෙහි එක ලෙස අවධානය යොමු කරන බව ජනාධිපතිතුමා කියා සිටී.
දෙමළ ජාතික සන්ධානය සමග ඊයේ (25) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය ක්‍රියාකරමින් ඇති බව ජනාධිපතිතුමා පැවසීය.
තවදුරටත් එක්ව කටයුතු කිරීමෙන් උතුරු – නැගෙනහිර ඇතුළු රටේ සමස්ත ජනතා අරමුණු ඉටුකර, රට සංවර්ධනය කරා ගෙන යා හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමගින් රට සෞභාග්‍යය කරා යාම තම අපේක්ෂාව බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේය. රටක් ලෙස අප එකතු විය යුතුයි. එක රටක්, එක ජාතියක් ලෙස ක්‍රියා කරමින් පවතින තත්ත්වයෙන් රට මුදාගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම බව සම්බන්ධන් මහතා කියා සිටි. ශ්‍රී ලංකාව පෙරදිග ස්විස්ටර්ලන්තය බවට පත්වනු දැකීමට කැමැත්තෙන් පසුවන බව සම්බන්ධන් මහතා පැවසීය.
700 Views
Comments