විභාග කල්දැමීමේ තීරණයට ගුරු සංගම් විරෝධය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

විභාග කල්දැමීමේ තීරණයට ගුරු සංගම් විරෝධය

විභාග කල්දැමීමේ තීරණයට ගුරු සංගම් විරෝධය

බස්නාහිර පළාතේ පාසල්වල අවසන් වාර විභාගය පැවැත්වීමට කඩදාසි හා අමුද්‍රව්‍ය හිගයෙන් බාධා මතුව තිබීමෙන් විභාග කල්දැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකරන බව ලංකා ගුරු සංගමය පවසයි.

 

 

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුවේ සහ අදාළ බලධාරින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් එලෙස විභාග කල් දැමීමක් සිදුකර ඇති බවයි.

 

 

මේ අතර පාසල් දරුවන් භාවිතා කරන පාසල් උපකරණවල මිල ගණන්ද ඉහළ දමා තිබීම බරපතල අර්බුදයක් වී ඇති බවද ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වා දුන්නා.

views

653 Views

Comments

arrow-up