වැඩිපුර ලුණු කන්න හොද නැ.. - ගෙදරට වැඩිපුර ගේන්නත් එපා..!

ශරීරයෙන් පිටවන දහදිය වැඩි වූ විටකදී වැඩි ප්‍රමාණයකින් ලුණු ලබාගත යුතු බවට වන ප්‍රකාශ අසත්‍ය බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ දෛනිකව ලුණු ග්‍රෑම් 05 ක් පමණක් ප්‍රමාණවත් වන්නේ මෙම සියලු කාරණා සැළකිල්ලට ගෙන බවයි.
නිවසට ගෙනු එනු ලබන ලුණු ප්‍රමාණය අඩු කළහොත් ශරීරයට අනවශ්‍ය ලෙස ලුණු ලබා ගැනීම අවම වන බවද රේණුකා ජයතිස්ස මහත්මිය මෙහිදී සදහන් කලා.
624 Views
Comments