මැති ඇමති පිරිසක් ආණ්ඩුවෙන් යන්න සූදානමින් - ඔවුන් නවතාගන්න ප්‍රබලයෝ මෙහෙයුමක

ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ කලකිරීමෙන් සිටින කැබිනට් ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු සහ මන්ත්‍රීවරු ගණනාවක් සිටින බවත් ඔවුන් තීරණාත්මක අවස්ථාවකදී ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.
විශේෂයෙන්ම ආණ්ඩුව පත් වීමෙන් පසු අමාත්‍යධුර හා රාජ්‍ය අමාත්‍යධුර බෙදූ ආකාරය පිළිබඳව මෙම අර්බුදය පැවති බවත් ඉන් අනතුරුව ආණ්ඩුව අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් එම මැති ඇමතිවරු ඇතුළු මන්ත්‍රීවරුන්ගේ කලකිරීම් තවත් තීව්‍ර වී ඇති බවත් වාර්තාවේ.
විශේෂයෙන්ම මේ පිරිස් ආණ්ඩුවේ රඳවා ගැනීමට ආණ්ඩුවේ ප්‍රබල නායකයන් තවදුරටත් මෙහෙයුමක නිරත වෙමින් පවතින අතර එයද මේ වන විට එතරම් සාර්ථකත්වයක් පෙන්නුම් කරන නැතැයිද වාර්තාවේ.
විශේෂයෙන් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන්ගේ අමාත්‍ය ධුර අහෝසි කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නිසා මෙම අර්බුදය තවත් උග්‍ර වී ඇතැයි ද මෙවැනි කරුණු ඇතුළු අර්බුදයන් සමනය කරගැනීම වෙනුවෙන් සර්වපාක්ෂික සමුළුවක් කැඳවීමට ආණ්ඩුවට සිදු වූ බවද මේ වන විට ආණ්ඩුව තුළ ස්වාධීනව ක්‍රියා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.
මේ පිළිබඳව ඉඟියක් පසුගියදා ආණ්ඩුවේ ඉහළ තනතුරකින් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද පළ කළ අතර ඔහු පැවසූයේ තම ඉවත්වීම ආණ්ඩුව තුළ ආන්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳව කලකිරීමෙන් සිටින බොහෝ දෙනෙකුට ඉදිරි තීරණ ගැනීමට උපකාරී වනු ඇති බවයි.
687 Views
Comments