මුදල්දී සෞඛ්‍ය සේවිකාවට ලිංගික අතවර කරන්න හැදූ පුද්ගලයාට වැඩ වරදී

සෞඛ්‍ය සේවිකාවකට පෙරේදා(24) රාත්‍රියේ ලිංගික අතවර කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පහරදී තෙබුවන පොලිසියට භාරදී ඇතැයි උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය.
නෑබඩ, වෝගන් වත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස පොලිසියට භාරදී ඇතැයි සඳහන්වෙයි.
දෙදරු මවක් වන 33 හැවිරිදි සෞඛ්‍ය සේවිකාව නාගොඩ මහ රෝහලේ සේවය නිමවා බසයෙන් පැමිණ රාත්‍රී 7.15ට පමණ හැලබගොඩ ප්‍රදේශයේ පාගමනින් යමින් සිටියදී මුදල් ගෙන ඔහු සමඟ සිටීමට පැමිණෙන ලෙස අතින් ඇද ඇති බවට පැමිණිලිකාරිය පවසා ඇතැයි පොලිසිය පවසයි.
වින්දිත කාන්තාව බියවී කෑගැසීමත් සමඟ ප්‍රදේශවාසීන් එක්ව සැකකරුව අල්ලා පහරදී පොලිසියට බාරදී තිබේ.
ප්‍රදේශවාසීන් සිදුකළ පහරදීම්වලින් සැකකරුගේ මුහුණේ සහ ශරීරයේ ස්ථාන කිහිපයක තැලීම් සහ සීරීම් තුවාල සිදුව ඇතැයිද පොලිසිය පවසයි.
සැකකරු සමඟ තවත් පුද්ගලයෙකු යතුරු පැදියකින් පැමිණි බවට අනාවරණය වී තිබේ.
ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි.
සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
720 Views
Comments