බැංකු පොලී අනුපාත ඉතිහාසයේ වැඩිම අගයකින් ඉහළ දමයි

මෙරට මූල්‍ය පද්ධතියේ ඇති අසමතුලිතතාව මග හැරවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය මූල්‍ය ප්‍රතිපත්ති තීරණයක් ගත් බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ඒ අනුව, තැන්පතු පොළී අනුපාතය 13.5%ක් දක්වාත් ණය දෙන පොළී අනුපාතය 14.5%ක් දක්වාත් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
එම අගයයන් අද සිට ක්‍රියාත්මක වේ.
එය මෙරට එම පොළී අනුපාතික එකවර වැඩි අගයකින් ඉහළ දැමූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බව ආචාර්ය වීරසිංහ මහතා පැවසීය.
830 Views
Comments