ගාලු මුවදොර පිටියේ කොටසක් වසා දැමීම ගැන පැහැදිලි කිරීමක්

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගාලු මුවදොර පිටියේ වසා ඇත්තේ කොටසක් පමණක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
ඒ අනුව අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන කොටසක් පමණක් වසා ඇති බවත් එම කොටස වසා දමා ඇත්තේ, මීට මාස කිහිපයකට ඉහත බවයි ඔහු සඳහන් කළේ.
තණ පිඩලි ඇල්ලීම නිසා මෙම කොටස වසා දමා ඇති අතර සෙසු ප්‍රදේශය වෙත පිවිසීම සඳහා මහ ජනතාවට බාධාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
744 Views
Comments