හොරොව්පතානින් හමුවූ අහිරහස් ලෙස මියගිය කාන්තාවගේ මල සිරුර

අභිරහස් ලෙස මියගියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
පොලිසිය සඳහන් කරන්නේ අදාළ මළසිරුර හොරොව්පතාන නිකවැව ප්‍රදේශයේ තිබී හමුවී ඇති බවයි.
මෙම කාන්තාව උස අඩි 05යි අඟල් 09ක් පමණ වන අවුරුදු 55ත් 60ත් අතර වයසේ පසුවන තැනැත්තියක්වේ.
ප්‍රදේශවාසීන් විසින් සිදුකළ දැනුම්දීමකට අනුව නිකවැව කැලෑබද ප්‍රදේශයක තිබී මෙම මළසිරුර සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකර ඇති අතර අදාළ කාන්තාවගේ අනන්‍යතාවය මේ වනතෙක් තහවුරු කරගෙන නොමැති අතර සිරුර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
796 Views
Comments