මෙරට නිශ්පාදිත මත්පැන්වලටත් ලේබලයක්

දේශීය වශයෙන් මෙරට නිෂ්පාදනය කරනු ලබන මත්පැන් වලටත් ආරක්ෂිත ලේබලයක් හඳුන්වාදීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කරයි.
රජයේ භාණ්ඩාගාරයට අයවිය යුතු බදු මුදල් වැඩි කර ගැනීමට මෙම තීරණය ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
එලෙස ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර වෙළෙඳපොලේ ඇති අංක රහිත මත්පැන් තොග අවසන් වීමට නියමිත බවත් ඒ සඳහා මාස 3ක කාලයක් ලබාදෙන බවත් ඒ මහතා කියා සිටියේය.
2022 අප්‍රේල් 01 දින වන විට දිවයින පුරා සමස්ත වෙළෙඳපොලේ අලෙවි වන සියලු මත්පැන් තොග මත මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීම අපේක්ෂා කරන බවත් ඔහු කියා සිටී.
දැනට වසරකට පමණ පෙර සිට ආනයනික මත්පැන් මත මෙම ආරක්‍ෂිත ලේබලය ඇලවීම ක්‍රියාත්මක කර තිබේ.
නීති විරෝධී මත්පැන් වර්ග දේශීය මත්පැන් වෙළඳපලට ඇතුළත් වීම වැළැක්වීම සඳහාත්, නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළෙඳපොළට ඇතුළත් වීම වැළැක්වීම සඳහා මෙරට තුළ අලෙවි කරනු ලබන සියලුම දේශීය හා විදේශීය මත්පැන් මත අයවිය යුතු අදාළ බදු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට අය වීම සඳහාත් ආරක්ෂිත මුද්‍රා ක්‍රමය හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව මෙලෙස කටයුතු කර ඇත.
696 Views
Comments