ප්‍රියන්ත කුමාරගේ තනතුරට තවත් ශ්‍රී ලාංකිකයෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
24

ප්‍රියන්ත කුමාරගේ තනතුරට තවත් ශ්‍රී ලාංකිකයෙක්

ප්‍රියන්ත කුමාරගේ තනතුරට තවත් ශ්‍රී ලාංකිකයෙක්

පසුගියදා පාකිස්තානයේ සියල්කොට් නගරයේදී තමා සේවය කරමින් සිටි කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ අමානුෂික පහරදීමෙන් මරුමුවට පත් වූ ප්‍රියන්ත කුමාරගේ තනතුර සඳහා වෙනත් ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය තීරණය කර තිබේ.

 

 

මේ බව හෙළිවී ඇත්තේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගේ ආගමික සහජීවනය පිළිබඳ විශේෂ නියෝජිත හෆීස් තාහීර් මෙහෙමුද් අෆ්රාෆි සහ මවුලානා තරීක් ජමීල් නම් ආගමික නායකයා පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්, වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම සමග පැවති හමුවකදීය.

 

 

 තම ආගමට අගෞරව කළා යැයි චෝදනා කරමින් කර්මාන්ත ශාලා සේවකයින් විසින් ඉතා අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාරව පසුගිය 03 වනදා ඝාතනය කර තිබුණි.

views

801 Views

Comments

arrow-up