බන්ධනාගාරයේ සිටින අනියම් සැමියාට කලිසමේ වාටියේ සඟවාගෙන කුඩු ඇද්ද ගැබිනි කත මාට්ටු

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින අනියම් සැමියාට ලබාදීම සඳහා හෙරොයින් මත්කුඩු කලිසමේ සඟවා රැගෙන ආ ගැබිණි කතක් කළුතර උතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙහිදී අත්අඩංගුවට පත්ව තිබෙන්නේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු ගැබිනි මවකි.
මත්කුඩු චෝදනාවක් මත කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රඳවා සිටින අනියම් සැමියා බැලීමට සැකකාර කාන්තාව පැමිණ ඇතැයි පොලිසිය පවසයි.
ඇය ගැව ඇතිවූ සැකය මත බන්ධනාගාර නිලධාරිනියන් ලවා පරික්ෂා කිරීමේදී ඇද සිටි කලිසමේ වාටියේ සගවාගෙන ආ හෙරොයින් මත්කුඩු මිලිග්රැම් 990ක් සොයාගෙන තිබේ.
සැකකාර කාන්තාව ඇගේ 06 සහ 04 හැවිරිදි වියේ පසුවන පුතුන් දෙදෙනාද කැටුව පැමිණි බවත්, ඔවුන් දෙදෙනා කළුතර උතුර පොලිස් ස්ථානයේ රැඳී සිටින අයුරුත් දැකගත හැකි විය.
සැකකාර කාන්තාව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
720 Views
Comments