තවත් වසර 50ක් ඉන්ධන ටැංකි 14ක හිමිකාරිත්වයට ඉන්දියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

තවත් වසර 50ක් ඉන්ධන ටැංකි 14ක හිමිකාරිත්වයට ඉන්දියාවට

තවත් වසර 50ක් ඉන්ධන ටැංකි 14ක හිමිකාරිත්වයට ඉන්දියාවට

ලංකා අයි.ඕ.සී සමාගම විසින් මේ වනවිටත් කළමානාකරණය කරන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 14ක් තවත් වසර 50ක කාලයක් සඳහා එම සමාගමට ම බදු දීමට තීරණය කර තිබෙනවා.

 

ලංකා අයි.ඕ.සී සමාගමට එම තෙල් ටැංකි එලෙස බදු දෙන අතර වාරයේ ඉතිරි තෙල් ටැංකි 61 අලුතින් ස්ථාපිත කරන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් සමාගම යටතේ හවුලේ කළමනාකරණය කරන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ.

 

මෙම නව සමාගමේ කොටස් 51%ක් ලංකා ඛනික තෙල් සංස්ථාව සතු වෙන අතර, ඉතිරි කොටස් 49%ක අයිතිය පැවරෙන්නේ, ලංකා අයි.ඕ.සී සමාගමට යි.

 

මීට පෙර ලංකා අයි.ඕ.සී සමාගමට තිස් අවුරුදු බදු ගිවිසුමක් යටතේ ලබා දී තුබූ ත්‍රිකුණාමල තෙල් ටැංකි පර්‍යන්තය 2023 වසරෙ දී එම ගිවිසුම නිමා වීමට නියමිත ව තිබුණා.

views

650 Views

Comments

arrow-up