මුතු රාජා හස්තියා යළි තායිලන්තයට

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ පරිත්‍යාගයක් ලෙස තායිලන්තයෙන් මෙරටට ලැබුණු "සක් සුරින්" හෙවත් මුතු රාජා හස්තියා ලබන ජුලි මස පළමුවනදා යළි තායිලන්තයට රැගෙන යාමට නියමිත බවයි.
තායිලන්තයේ සිට පැමිණෙන විශේෂ ගුවන් යානයක් මගින් මෙම හස්තියා යළි රැගෙන යාමට නියමිත බව එහි අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේය.
තායිලන්ත රජය 2001 වසරේදී මෙම සක් සුරීන් නමැති හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට පියවර ගෙන තිබුණි.
එහෙත් මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කර තිබුණි.
මෙම සක් සුරින් නැමැති හස්තියා අලුත්ගම කන්දෙ විහාරයේ රඳවා සිටි අතර තායිලන්තයට රැගෙන යාම සඳහා ඉල්ලා සිටීමෙන් අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබේ.
සක්සුරින් හස්තියා පසුගිය නොවැම්බර් මාසයේදී සත්වෝද්‍යානයට රැගෙන ඒමෙන් අනතුරුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට තායිලන්ත පශු වෛද්‍ය කණ්ඩායමක් සහ ඇත් ගොව්වෙකු ලංකාවට පැමිණියහ.
නැවතත් පසුගිය සතියේ තායිලන්තයේ පිරිසක් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මෙරටට පැමිණ තිබුණි.
අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ සත්වෝද්‍යානයට රැගෙන එන අවස්ථාව වන විට එම හස්තියාගේ පාද දෙකක් තුවාල වී තිබූ අතර ඉදිරිපස පාදයක තවත් ආබාධයක් ද පැවති අතර මේ වන විට එම පාදයේ ආබාධය හැර සෙසු තුවාල සුව කිරීමට මෙරට පශු වෛද්‍ය කණ්ඩායම් සමත් වී ඇති බවයි.
මෙරට හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීමේ ක්‍රියාවලිය දුර්වල මට්ටමක පවතින බවට මෙවැනි සිද්ධීන් මගින් තහවුරු වන බව පරිසරවේදී සජීව චාමිකර මහතා පැවසුවේය.
350 Views
Comments