දිස්ත්‍රික්ක තුනකට පැන වූ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

දිස්ත්‍රික්ක තුනකට පැන වූ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත්

දිස්ත්‍රික්ක තුනකට පැන වූ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත්

බදුල්ල, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

 

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

 

කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ය.

 

එම ප්‍රදේශවල ජනතාව ගල් පෙරළීම්, නායයෑම්, පොළව ගිලා බැසීම්, පස් කඳු කඩා වැටීම් වැනි තත්ත්වයන් පිළිබඳ විමසිලිමත් විය යුතුය.

views

157 Views

Comments

arrow-up