ජනගහනයෙන් 17%ක පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

ජනගහනයෙන් 17%ක පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට

ජනගහනයෙන් 17%ක පිරිසක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල ඒකාබද්ධව සිදුකළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මෙහෙයුම් වාර්තාවට අනුව මෙරට ජනගහනයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් තවදුරටත් පීඩාවට ලක්වෙමින් සිටින බව අනාවරණය වී තිබෙනවා.
 

 

 

ඒ අනුව උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැඩි පිරිසක් මෙලෙස ආහාර අනාරක්ෂිතභාවයට පත්ව සිටින බව සඳහන්.
 

 

 

කෙසේවෙතත් පසුගිය වර්ෂයේ ජුනි සහ ජූලි මාස සමග සැසඳීමේදී ආසන්න වශයෙන් 40%ක අඩුවීමක් බවයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වාදෙන්නේ.

 

 

එමෙන්ම පසුගිය වසරේ දැඩි ආහාර අනාරක්ෂිතභාවයට පත් වූ 66,000ක් මේ වසර වන විට ආසන්න වශයෙන් 10,000ක් දක්වා අඩුවී ඇති බව සඳහන්.
 

views

175 Views

Comments

arrow-up