JUN
02
විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබද දේශපාලන වේදිකාවේ උණුසුම් වාද විවාද

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ලබන 07වනදායින් පසු ඵ් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ඔහු සදහන් කළේය.
අමාත්‍යවරයා පැවසුවේ විකාශන බලපත්‍ර ලබාදීම ප්‍රමිතියකින් යුතුව නියාමනය කිරීම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර ඇති බවයි.
විකාශන නියාමන කොමිසම පිහිටුවීම පිළිබද දේශපාලන වේදිකාවේ මේ වන විට උණුසුම් වාද විවාද පවතින අතර විපක්ෂයේ දේශපාලඥයින් පෙන්වා දෙන්නේ මේ හරහා ජනමාධ්‍ය මර්දනය කිරීමට උත්සහ දරන බවයි.
236 Views
Comments