ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ගේ පහසුව සඳහා නව සංචාරක කාඩ්පතක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දී, ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තයයේ උන්නතිය උදෙසා සකසන ලද සංචාරක කාඩ්පත (Travel Card) එළිදැක්වීම හා අවබෝධතා ගිවිසුම (MOU) අත්සන් කිරීම සිදුවිය.
මෙම කාඩ් පත මගින් මෙරට තුළදී සංචාරකයන්ට සුරක්ෂිතව භාණ්ඩ හා සේවා ලබා ගැනීමට හැකිවන අතර, මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ගණනය කර ගැනීම, ඔවුන් රැගෙන එන ඩොලර් සෘජුව බැංකුවක් සමග හුවමාරු කර ගැනීම වැනි ගුණාත්මක සේවාවන් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම කාඩ්පත නිකුත් කිරීමෙන් පසු සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි, සංචාරක කර්මාන්තයේ විවිධ සේවාවන් සපයන අය සඳහා සංචාරකයන් සමඟ ගනුදෙනු කිරීමේ දී විශේෂ වරප්‍රසාද හිමි වනු ඇත.
225 Views
Comments