සමගි ජන බලවේගයට ප්‍රහාරයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
15

සමගි ජන බලවේගයට ප්‍රහාරයක්

සමගි ජන බලවේගයට ප්‍රහාරයක්

දෙමටගොඩ සමගි ජන බලවේගයේ කාර්යාලයට අද (15) අලුයම ප්‍රහාරයක් එල්ල වී තිබේ. මුජිබර් රහුමාන් මහතා පවසන්නේ, කිහිපදෙනෙක් කඩා පැන කාර්යාලයේ තිබු ප්‍රචාරක පුවරුවලට දැඩි ලෙස හානි කර ඇති බවයි.

 

මුජිබර් රහුමාන් මහතා චෝදනා කර සිටියේ, සමගි ජන බලවේගයට තරග කරන අපේක්ෂකයින් බියවද්දා කාර්යාල විනාශ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් යොදවමින් අලුත් සංස්කෘතියක් නිර්මාණය කර ඇතැයි යන්නය. තවද ඔහු පැවසුවේ, ජනාධිපතිවරයාගේ නිවස ගිනිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සජබ අපේක්ෂකයෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි.

views

215 Views

Comments

arrow-up