රාජකාරි බස් රථයේ රැගෙන පෙම්වතියට බැලීමට ගිය කොන්දොස්තර

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රඹුක්කන ඩිපෝවට අයත් බස් රථයක් හතරලියද්ද බස් නැවතුම්පොලේ ගාල් කර රියදුරු පිටව ගිය පසු එහි කොන්දොස්තරවරයා බස් රිය රැගෙන සිය පෙම්වතිය බැලීමට කිලෝමීටර් නවයක් පමණ ගොස් ආපසු එමින් සිටි අතරතුර බස් රථය අනතුරකට ලක්ව තිබේ.
සිද්ධියෙන් පසුව ඔහු කිසිවක් නොවූ ආකාරයෙන් එම බස් රථය තිබූ ස්ථානයේම ගාල් කර පිටව ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී වාර්තා වී ඇත.
මෙම අනතුර සිදුවී ඇත්තේ කොන්දොස්තරවරයා විසින් බස් රථය රැගෙන ගොස් පෙම්වතිය හමු වී නැවත පැමිණෙමින් සිටි අතරතුරදීය.
රඹුක්කන හතරලියද්ද මාර්ගයේ ධාවනය වන මෙම බස් රථය හතරලියද්ද නැවතුමේ නවතා තබා ඇත්තේ පසු දින අලුයම 5.00 ට නැවත රඹුක්කන බලා ගමන් ආරම්භ කිරීම සඳහාය.
193 Views
Comments