උණ හොඳ වෙලත් තාම කැස්සද?

මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගී තත්ත්වය පිළිබදව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ලිපියක් නිකුත් කර තිබෙනවා.
අදාළ ලිපිය පහතින්,
පසුගිය මාස කිහිපය පුරාවටම ඔබ හෝ ඔබගේ සමීපතමයින් වැඩි වශයෙන් උණ තත්වයන්ට ගොදුරුවනු නිරීක්ෂණය වන්නට ඇති. ඇත්තවශයෙන්ම උණ යනු රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවෙයි. ඉතින් මේ අප දකින උණ තත්වයන්ට හේතු වූ රෝගය කුමක් විය හැකි ද? උණ තිබේ නම් කළ යුත්තේ කුමක් ද? නොකළ යුතු දෑ මොනවා ද? යන්න ඔබත් සමඟ සාකච්ඡා කිරීමට අප මෙම කෙටි සටහනෙන් අපේක්ෂා කරනවා.
මේ දිනවල පැතිරයන උණ තත්වයන්ට ප්‍රධානතම හේතුව ලෙස , ශ්වසන වෛරසයක් වන ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ ප්‍රබේධයක් හේතු වී ඇති බවට විශේෂඥයින් විශ්වාස කරනවා. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, ඇඟපත වේදනාව වැනි ලක්ෂණ සමඟ ඇතිවන උණ මෙහිදී දකින්නට ලැබෙනවා. කෙසේ නමුත් මෙවැනිම රෝග ලක්ෂණ පෙන්වන කොවිඩ්-19 ඇතුලු තවත් ශ්වසන වෛරස අප අවට පරිසරයේ පවතින බව අමතක කරන්නට බැහැ.
රට තුල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවත් සීග්‍රයෙන් ඉහළගොස් තිබෙන වකවානුවක අප දකින ඇතැම් උණ තත්වයන් ඩෙංගු වන්නටත් ඉඩ තිබෙනවා. මී උණ වැනි අප රටේ පැතිර පවත්නා තවත් බෝවෙන රෝගවලත් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ උණ ඇතිවීමයි.
ඇතැම්විට නිවසේදී ඔබට වෙන්කර ගැනීමට අපහසු, මෙවැනි හේතු ගණනාවක් නිසා උණ ඇතිවිය හැකි වුවත් පොදුවේ එවන් අවස්ථාවක අප කලයුතු දෑ දැනගෙන සිටීම සංකූලතා අවම කරගෙන ඉක්මනින්ම සුවපත්වීමට ඉතා වැදගත්.
ඔබට හෝ සමීපතමයෙකුට උණ ඇතිනම් හොඳින් දියර වර්ග ලබාගනිමින් විවේකීව සිටීම වැදගත්. පානීය ජලය පමණක් නොව කැඳ, සුප්, තැඹිලි වැනි ඛනිජ ලවණ අඩංගු පාන වර්ග ඔබට ලබාගත හැකි නම් වඩාත් සුදුසුයි. එමෙන්ම ශරීරයේ දියර මට්ටම ඉක්මනින් ඉහළ නංවන සහ පහසුවෙන් සකස් කරගත හැකි පානයක් වන ජීවනී පැකට්ටුවක් නිවසේ තබාගත හැකිනම් මෙවන් මොහොතක ඔබට එය ක්ෂණිකව පිළියෙල කරගෙන භාවිතා කල හැකියි. පෝෂණීය ආහාරවේලක් ලබාගැනීමත් ඉක්මන් සුවයට උපකාරයක්. උණට සහ වේදනාවට පැරසිටමෝල් ඖෂධය පමණක් නිසි මාත්‍රාවෙන් ලබාගැනීම කල හැකියි.
198 Views
Comments