MAY
04
කරලියට ආ අලුත්ම ගම " හොරු ගෝ ගම " පාර්ලිමේන්තු පරිශ්‍රයේදී

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විරෝධය පලකරමින් ‘ හොරුගෝගම ‘ ආරම්භ කිරීමට මේ වන විට විරෝධතා කරුවන් පිරිසක් පාර්ලිමේන්තුව අසළට ගමන් කරමින් සිටිනවා.
ඊයේ දිනයේ එම ස්ථානයේ විරෝධතාවයේ නිරත පිරිසක් අනීතිකව අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම තීරණය හදිසියේ ගෙන තිබෙනවා.
කෙසේවෙතත් අදාළ විරෝධතාකරුවන් එම ස්ථානයට පැමිණීම වැළැක්වීම සඳහා බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.
659 Views
Comments